ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවෙන් අතිගරු ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එතුමා විසින් 2024.09.27 වන දින වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරන ලදී.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළිගන්වන ලද අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ලේඛන අත්සන් තබා වැඩබලන පොලිස්පති ධූරයේ රාජකාරිය නිල වශයෙන් භාරගත් අවස්ථාව.