අභිනව වැඩබලන පොලිස්පතිතුමාට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආශිර්වාද

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා 2024.09.30 වන අද දින උදෑසන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වැඳ පුදා, විහාරස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.

පොලිස්පතිතුමා සමඟ බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, කොළඹ මධ්‍යම භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්විය.