කොළඹ 08 පෙදෙස කාසල් විදියේ කාන්තා රෝහල ඉදිරිපිට ක්‍රමවත්ව ඉදිකළ නව පොලිස් මුරපළ 2024.10.22 වන දින උදෑසන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය.
වෛද්‍ය සේවා ලබාගැනීමට පැමිණෙන කාන්තාවන්ගේ මෙන්ම දිනකට රෝගීන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා, හදිසි අවස්ථාවක රැදී සිටීම සහ අත්‍යවශ්‍ය පොලිස් සේවා සඳහා ක්‍රමවත්ව ඉදිකළ මෙම රෝහල් පොලිස් මුරපොල මින් ඉදිරියට අතිශය වැදගත් වනු ඇති බව ප්‍රකාශ කරමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ කාන්තා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධරයන් ඇතුලු කාර්යය මණ්ඩලය අදහස් දැක්වූහ.