මාතර විශේෂ කාර්යංශයේ නිළධාරීන් ලබාදුන් තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතා ඇතුලු එම විමර්ශන අංශයේ නිලධාරීන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගෙන් ලද උපදෙස් මත 2024.10.23 වන දින මාතර පොලිස් කොට්ඨාසයේ මාලිම්බඩ පාලටුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක්කර රිවෝලර වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නිවස වැඩිදුර පරීක්ෂාවට ලක්කිරීමෙන් ගිනි අවි, උන්ඩ නිෂ්පාදනයට භාවිතාකල නිෂ්පාදනාගාරයක් වැනි ස්ථානයක් තුල තිබී මිලිමිීටර 9 ප්‍රමාණයට සමාන රිවෝල්වර ජීව උණ්ඩ, ගිනි අවි සහ උණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිතා කල උපකරණ රැසක් සොයාගැනීමට සමත් වී ඇත.
සැකකරුව වැඩිදුර ප්‍රශ්න කිරීම මගින් අනාවරණය කරගත් තොරතුරු මත රිවෝල්වර වර්ගයේ ගිනි අවි 02 ක් මෙම ස්ථානයෙන් මිලදී ගත් මාතර සහ අහංගම ප්‍රදේශයන්හි පදිංචි තවත් සැකකරුවන් දෙදෙනෙක් එදිනම එම ගිනි අවි සමඟ අත්අඩංගුවට ගැනීමට විමර්ශක නිලධාරීන් ක්‍රියාකර තිබේ.
මෙම සැකකරුවන් පාලටුව , මාතර සහ අහංගම පදිංචි ස්වර්ණාභරණ,ධීවර සහ සංචාරක හෝටල් කර්මාන්තයන්හි රැකියාවේ නියුතු පිළිවෙලින් වයස අවුරුදු 63, 47 සහ 54 ක් වන අයවළුන්ය.
මෙම ගිනි අවි යම් අපරාධයක් සඳහා භාවිතා කර තිබේද, අපරාධ සිදුකිරීම සඳහා මෙන්ම ලඟ තබාගැනීම සඳහා මින් පෙර සැකසූ ගිනි අවි ලබාදී තිබේද යන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා දීර්ඝ විමර්ශන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ආරම්භකර ඇත.
අත්අඩංගුවට ගැනීම සිදුකල නිලධාරීන් –
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර,
පොලිස් පරීක්ෂක එච්. එම්.ජේ. රත්නායක,
උප පොලිස් පරීක්ෂක නුවන් සංජීව, උප පොලිස් පරීක්ෂක මිහිරංග
පොලිස් කොස්තාපල් 92908 ඉෂාන්,
පොලිස් කොස්තාපල් 34912 පියරත්න,
පොලිස් කොස්තාපල් 99297 මධුසංඛ,
පොලිස් කොස්තාපල්.103950 බන්ඩාර ,
පොලිස් කොස්තාපල් 104298 ප්‍රියදර්ශන,
පොලිස් කොස්තාපල් රියදුරු 78926 සම්පත්යන නිළධාරීන්