උණවටුන සංචාරක පොලිස් ඒකකයේ නිලධාරින්ට 2024.10.13 වන දින උණවටුන ප්රදේශයේ සංචාරයට පැමිණි ලිතුවේනියානු විදේශික කාන්තාවකගේ ගමන් බෑගයක් නැති වූ බවට එම කාන්තාව විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු නිලධාරින් මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදු කර ඇත.
පසුව එම නැති වූ විදේශික කාන්තාවගේ රුපියල් ලක්ෂ 5ක් පමණ දේශිය හා විදේශිය මුදල්, ජංගම දුරකථනයක්, ගමන් බලපත්රයක් හා ගමන් මල්ල සොයාගෙන එම විදේශීක කාන්තාවට යළි භාරදීමට උණවටුන සංචාරක පොලිස් ඒකකයේ නිලධාරින් සමත් වී ඇත.
එහිදී ඇය මෙරට පුරවැසියන්ගේ අවංකභාවය පිළිබඳව පොලිසියට ස්තූතිය පුදකර ඇත.