පොලිස්පතිතුමන් මහානායක හිමිවරුන් බැහැදැක නව වසරට ආශිර්වාද ලබාගනී.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා 2022.01.09 වන දින ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාහ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මහනුවර අස්ගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති රාජකීය පණ්ඩිත, මහෝපාධ්‍යය අතිගෞරවාහ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් බැහැදැක නව වසරට ආශිර්වාද හා අනුශාසනා ලබා ගන්නා ලදි.

ඉන් අනතුරුව මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක, ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්මාභිධාන ස්වාමින්ද්‍රයන් වහන්සේ , සාහිත්‍ය චක්‍රවර්තී සද්ධම්ම ජෝතික දජ ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අභිධාන ස්වාමින්ද්‍රයන් වහන්සේ, මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය වේඩරුවේ ශ්‍රී රතනපාල උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ , කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ,කාරක සංඝ සභික නියොජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාවේ ශ්‍රී විමල හිමියන් ඇතුළු නාහිමිවරුන්ද බැහැදැකිමට කටයුතු කරන ලදි.