ගම්පොල කොට්ඨාසයේ ඇත්ගාල නව පොලිස් ස්ථානය ජනතා අයිතියට.

අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව ඉදිකරන ලද ගම්පොල කොට්ඨාසයේ ඇත්ගාල නව පොලිස් ස්ථානය 2022 මාර්තු 27 වන දින පස්වරුවේ යෙදුණ සුභ මොහොතින් විවෘත කෙරිණි.
එහි ප්‍රධාන ආරාධිතයින් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමා, ග්‍රාමීය කුඹුරු වැව් හා ජලාශ්‍ර, වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා සහභාගි වූ අතර මහනුවර මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එස්.එන් පීරිස්, ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.එම්.පී.එන්.රත්නායක යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.
රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි. ඇත්ගාල නව පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 12 ක් අයත් වන අතර මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට පෙර එම ග්‍රාමසේවා වසම් වල පදිංචි 14160 කට අධික ජනතාවක් ගම්පොල පොලිස් ස්ථානය මඟින් තම සේවා අවශ්‍යතා සපුරා ගනු ලැබීය. මින් ඉදිරියට එම ජනතාවට කඩිනමින් තම සේවා අවශ්‍යතාවයන් මෙම නව පොලිස් ස්ථානය මඟින් සපුරා ගැනීමට හැකි වන අතර අපරාධ පිළිබඳ බියකින් තොරව තමන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ.