පුහුණුව ලත් පොලිස් නිළධාරින්ගේ විසිර යාම.

මහියංගනය හා අරලගංවිල පොලිස් විදුහල් මෑණියන් යටතේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල් නිලධාරින් 643 දෙනෙකු පුහුණු කටයුතු නිමා කර විසිර යෑමේ අභිමානවත් උළෙල 2022.04.02. වන දින මහියංගන පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විණ.

රටේ පවතින වර්ථමාන තත්වය යටතේ මෙය දෙමවිපියන් සඳහා ZOOM තාක්ෂණය ඔස්සේ නැරඹීමටද පහසුකම් සළසා තිබුණි. මෙය නැගෙනහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ L.K.W.K. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නි.පො.ප බඳවා ගැනීම් හා පුහුණු දිසාව නීතිඥ සම්පත් කුමාර ලියනගේ මහතා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේසිරි මහතා ඇතුළු පැවති ජේෂ්ඨ නිලධාරින් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී නිලධාරීන්ගේ දක්ෂතා අනුව කුසලතා හා සහතිකපත් බෙදා දීම ද සිදු කරන ලදී. පුහුණුව අවසන් කළ මෙම සියලු නිලධාරීන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රාජකාරි සඳහා නියුක්ත කර තිබේ.