පුහුණුවලත් පොලිස් නිලධාරින්ගේ විසිර යෑම.

පහලගම පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 354 දෙනෙකු හා මහියංගනය පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 144 දෙනෙකු ඇතුලු ආධුනික නිලධාරීන් 498 දෙනෙකු නව විෂය නිර්දේශය යටතේ මාස 07 ක පුහුණුව අවසන්ව විසිර යාමේ උළෙල 2022 අගෝස්තු 04 දින පහලගම පොලිස් විද්‍යාලයේදි අභිමානවත් අයුරින් පැවැත්විණි.

තම රාජකාරින් සඳහා අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව සාර්ථක ලෙස හදාරා නිම කල මෙම සියළු නිලධාරින් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත රාජකාරින් සඳහා අනුයුක්ත කර ඇත.

මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරුමැද පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, කිත්සිරි ජයලත් මහතා සහභාගි වූ අතර නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නීතිඥ සම්පත් කුමාර ලියනගේ, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි විය. රට තුල පවතින කොවිඩ් වසන්ගත තත්ත්වය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් උළෙල නැරඹීමට දෙමාපියන් සහභාගි කර නොගත් අතර ඔවුන් සඳහා Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව උළෙල නැරඹීමට ද අවස්ථාව සලසා දී තිබුණි.