පොලිස් නිලධාරින් සඳහා COVISHIELDTM එන්නත් ලබා දීම.

මුළු ලොවෙහිම වසංගතයක් බවට පත්ව ඇති COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දකුණු ආසියාවේ උසස්තම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන Serum Institute Of India නම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද COVISHIELDTM (Oxford-AstraZeneca) එන්නත, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්දනයට සෘජු දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත ලබාදීම 31.01.2021 වන දින නාරාහේන්පිට පොලිස් රෝහලේදී ආරම්භ කරන ලදි.

ඊට සමගාමිව 2021.02.24 වන අද දින බම්බලපිටිය පොලිස් කේෂේත්‍ර බලකා මුලස්ථානයේදී පොලිස් නිලධාරින් 2000 කට අධික පිරිසකට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදිමට කටයුතු කළ අතර, මෙම අවස්ථාවේදි පොලිස් මුලස්ථානයට සම්බන්ධ නිලධාරින් 400 ක් පමණ එන්නත් ලබා ගත් අතර මේවන විට සමස්ථ පොලිස් නිලධාරීන් 16000 ක පමණ ප්‍රමාණයක් රජයේ නොමිලේ එන්නත් කිරිමේ වැඩ සටහන යටතේ පළමු මාත්‍රාව එන්නත් කරගෙන සිටී.