ලෝක කාන්තා දිනයට සමගාමීව බස් රථ තුල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක්.

මාර්තු 8 දිනට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය මගින් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර ඒ අනුව පවත්වන ලද වැඩසටහනක් 2021.03.08 වන දින ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක‍්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස්නැවතුම්පලේදී පවත්වන ලදී.

මෙහිදී කාන්තා හිංසනයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සඳහා බස් රථ තුල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.

මෙම අවස්ථාව සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක‍්ෂ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා සහ කොළඹ අවට පිහිටි ළමා හා කාන්තා කාර්යංශ වල ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධරයන් රැසක් සහභාගී විය.