ශ්‍රී ලංකා පොලිසියට ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් (LIOC) Oxygen Concentrator යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කෙරේ.

කොවිඩ් 19 වෛරසය මත ඇති වී ඇති ගෝලීය වසංගත තත්ත්වය යටතේ එම වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලබන මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ගේ ප්‍රයෝජනය සදහා ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත Oxygen Concentrator යන්ත්‍ර දෙකක් ලබා දී ඇත.

ඒ අනුව අදාල පරිත්‍යාගය භාර දීමේ උත්සවය 2021.12.31 වන දින උදෑසන නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේදී පැවති අතර, මෙම වෛද්‍ය උපකරණ නාරාහේන්පිට පොලිස් රෝහලේ නව ගොඩනැගිල්ලේ අලුතින් ස්ථාපිත කිරීමට නියමිත වාට්ටුව සඳහා LIOC ආයතනය මගින් ප්‍රධානයක් වශයෙන් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ලංකා ඉන්දියානු තෙල් සමාගමේ (LIOC) කළමනාකරණ අධ්‍යක්ෂ මනොජ් ගුප්තා මහතා ඇතුළු එම සමාගමේ නියෝජිත මහත්ම මහත්මීන් හා සුභ සාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ. පද්මිණී, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව, වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ (පරිපාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ. සේරසිංහ, වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ (වෛද්‍ය) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.සී.සී රණසිංහ යන මහත් මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම උත්සවය පවත්වන ලදි.