156 වන පොලිස් දිනය නිමිත්තෙන් දිවයින පුරා පැල ලක්ෂයක් රෝපණය කෙරේ..

2022.09.03 වන දිනට යෙදුනු 156 වන පොලිස් දිනයට සමගාමීව දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 45ක පොලිස් ස්ථාන 605 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පැල ලක්ෂයක් සිටුවීමේ රුක්රෝපණ වැඩසටහනේ ආරම්භක උත්සවය ඊයේ (2022.09.05) දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාගේ සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී ගරු අමාත්‍යතුමා විසින් බස්නාහිර පළාතේ පිහිටි පොලිස් කොට්ඨාසයන් වෙත මී, කුඹුක් , කොහොඹ, නා, නැදුන්, මහෝගනි හා මාදං ඇතුළු විවිධ වර්ගවල පැල 6,000 ක් සංකේතාත්මකව බෙදා දීම සිදු කල අතර උත්සව අවස්ථාව අවසානයේ එතුමා විසින් විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී රුක් රෝපණය කිරීමක්ද සිදු කරන ලදී.