covid ops

ලෝක ළමා දිනයට සමගාමීව ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගෙන් ළමා දින සැමරුම් වැඩසටහනක්.

ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පවත්වනු ලැබූ ළමා දින සැමරුම් වැඩසටහනක් ඊයේ (ඔක්තෝබර් 01) දින ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.

මෙම වැඩසටහන ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් අනුව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි.

“දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සවිය දෙන්න” තේමාව යටතේ පැවති වැඩසටහනේදී දූ දරුවන්ගේ අධ්‍යාපනික දැනුම, දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම සහ විනෝදාස්වාදය ලබාදීම සඳහා විවිධ ක්‍රියාකාරකම් රැසක් පවත්වන ලද අතර ගම්පහ ගෝතමී විද්‍යාලයේ සිසු දරු දැරියන් 1500 කට අධික පිරිසක් මේ සඳහා සහභාගි විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444