covid ops

ඇඹරලුව මහා විද්‍යාලයට ගම්පහ පොලිසියෙන් සංගීත භාණ්ඩ කට්ටලයක් පිරිනැමේ.

ඇඹරලුව මහා විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ උත්සවයක් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 06 දින එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.

ප්‍රජා පොලිස් සංකල්පයට අනුව පාසල් ළමුන් සහ ගුරුවරුන් පොලිස් නිලධාරින් අතර සුහදතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සංකල්පයක් මත ගම්පහ කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් මෙය සංවිධානය කළ අතර, ඒ සඳහා සම්පත් දායකත්වය කථිකාචාර්ය අමිත් පුස්සැල්ල මහතා විසින් සිදුකරන ලදි.

මෙම උත්සවයට විදුහල්පති ජේ.ඒ.බි.ඊ. පෙරේරා මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් භාර නිලධාරින් සහ මු.පො.ප. / ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරින්, විදුහලේ ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් පිරිසක් සහභාගි වුහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444