ගම්පොල මූලස්ථාන පොලිස් ප්‍රජා පොලිස් ඒකකය විසින් එම පොලිස් බල ප්‍රදේශයට අයත් පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.
ප්‍රජා පොලිස් සේවය වැඩිදියුණු කිරීමේ නියමු ව්‍යාපෘතියක් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති කේ.ඩබ්.ඊ කරලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජුලි 26 වන දින තෙල්දෙණිය ඉන්ද්‍රා මානෙල් උත්සව ශාලාවේදී පවත්වන ලදී.
ප්‍රජා පොලිස් ජංගම සේවයට සමගාමිව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය හා ප්‍රජා පොලිස් කමිටු එක්ව සංවිධානය කළ ප්‍රජා සත්කාරයක් සහ මහජනයා දැනුවත් කිරිමේ වැඩසටහනක් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 30 වන දින වටලප්පල හා බඩෝවිට ප්‍රදේශවලදී සිදුකරන ලදි.
ඇඹරලුව මහා විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ ප්රදානය කිරීමේ උත්සවයක් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 06 දින එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.
ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය, යක්කල, වීරගුල හා මල්වතුහිරිපිටිය යන පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් උපදේශණ කමිටු සාමාජිකයින් හට ඔවුන්ගේ සේවය අගයමින් සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයක් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) දා යක්කල ප්‍රදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පවත්වනු ලැබූ ළමා දින සැමරුම් වැඩසටහනක් ඊයේ (ඔක්තෝබර් 01) දින ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.
ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ උදාර සංකල්පයකට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සිසු සිසුවියන්ගේ සාහිත්‍යමය දැනුම වර්ධනය කිරිමේ වැඩසටහනක්, සාහිත්‍යවේදි කිවිවර ගීත රචක රත්ත ශ්‍රී විජේසිංහ මහතා විසින් 2018 ජූලි 28 දින පෙරවරුවේ ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.
කහතුඩුව පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මක කරනු ලැබු පොලිස් ජංගම සේවයෙහි සමාප්ති උත්සවයට සමගාමිව ප්‍රජා සත්කාරයක් ලෙස කිරිවත්තුඩුව, යකහළුව, අංක 188/150 යන ලිපිනයේ පදිංචි ආබාධිතව සිටින 70 හැවිරිදි ඒ.එම්.ඩී. සුමනසේන යන අයට රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, රොෂාන් විජේසිංහ මහතා විසින් පසුගිය දා කහතුඩුව, මූණමල්වත්ත සමගි ක්‍රීඩාංගනයේදි සිදු කරන ලදි.