covid ops

ඉතිහාසය

වර්ෂ 1866 දී නව පොලිස් ආඥා පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා පොලීසියට වසර 102 ක් ගෙවී ගිය පසුව සංවිධානයේ කාර්යභාරය විධීමත් කිරිම උදෙසා පර්යේෂණ සිදු කිරීම සහ වර්ධනය වන ජනගහණයට අනුරූපීව ඔවුන්ගේ අභිවෘධීය පිණීස නව පොලිස් ස්ථාන පිහිටුවීමේදී පොලිස් ස්ථානයක් ඇරඹිමට අදාල වන නිර්ණායකයන් වන ශ්‍රී ලංකා පොලීසියට අදාල වන සංඛ්‍යා ලේඛන එනම් ග්‍රහණ අපරාධ, රිය අනතුරු සහ ප්‍රදේශයේ ජනගහණය ආදී දත්ත එකතු කිරීමටත්, වාර්ෂිකව පලකරන පොලිස්පතිගේ පාලන වාර්තාව නිකුත් කිරීමත් අරමුණුකර ගනිමින් 1968 දී පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශය නමින් මෙම කොට්ඨාශයේ ප්‍රභවය සිදුවී ඇත. මෙසේ ශ්‍රී ලංකා පොලීසියේ සංඛ්‍යා දත්තයන්, භූගෝලීය සිතියම් හා විවිධ සමීක‍ෂණ මෙන්ම ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාදාමයන් සකස්කරමින් ක්‍රියාත්මක වු පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශය වසර 28 ක් ගෙවී ගිය පසු එනම් 1996 දී පොලිස් ගැසට් පත්‍ර 934 හි සඳහන් පරිදි මෙම කොට්ඨාසය දෙකට වෙන් කර   පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණ හා සැලසුම් කොට්ඨාසය නමින්ද සංඛ්‍යාලේඛන හා දත්ත එක්රැස් කිරිම සහ පොලිස්පති පරිපාලන වාර්තාව සැකසීමේ කටයුතු සඳහා සංඛ්‍යාලේඛන කොට්ඨාශය නමින්ද නව කොට්ඨාසයන් දෙකක් ස්ථාපිත කරන ලදි.

ඉන් පසු  ශ්‍රී ලංකා පොලීසියේ කටයුතු වඩාත් විධිමත්ව හා සැලසුම් සහගතව කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරවීම සදහා පර්යේෂණ හා සැලසුම් කොට්ඨාසය වඩාත් ඵලදායි ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්විය. ඒ අනුව එකල පැවති පර්යේෂණ හා සැලසුම් කොට්ඨාසය, සංඛ්‍යාලේඛන කොට්ඨාසය, කළමනාකරණ සංවර්ධන කොට්ඨාසය, පරීක්‍ෂණ හා පුනරීක්‍ෂණ කොට්ඨාසය යන කොට්ඨාසයන් එක් කර පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසය යනුවෙන් නව කොට්ඨාසයක් 2018 මාර්තු 21 දිනැති අංක 2063 දරණ ශ්‍රී ලංකා පොලිස් ගැසට් පත්‍ර II මගින් ස්ථාපිත කරන ලද අතර, එක් කරන ලද කොට්ඨාසයන් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ ඒකක වශයෙන් ඇතුලත් කරන ලදී. මෙම කොට්ඨාසය සදහා ඉහල අධ්‍යාපන සුදුසුකම් සහිත සහ කාර්යාල හා ක්‍ෂේත්‍ර රාජකාරි සම්බන්ධ විශේෂ හැකියාවන් සහිත නිලධාරින් අනුයුක්ත කර වර්තමානය වන විට කොට්ඨාසයේ කාර්ය භාරය පිළිබඳවද සලකා මෙම කොට්ඨාසය විශේෂිත කොට්ඨාසයක් වශයෙන් ඉහත සදහන් පොලිස් ගැසට් පත්‍රය මගින් නම් කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444