covid ops

කාර්යභාරය

  • ඵලදායී පොලිස් කාර්ය සාධන සහ ක්‍රියාමාර්ග වර්ධනය කරනු පිණිස පොලිස් රාජකාරී කටයුතුවල සියළුම අංශයන් සඳහා පර්යේෂණ පැවැත්වීම.
  • වෙනස් වන සමාජ තත්වය අනුව දැනට පවත්නා ප්‍රතිපත්ති සකස් කිරීම හා සංශෝධනය කිරීම උදෙසා පොලිස්පතිට සහාය ලබා දීම.
  • ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා උපයෝගී කරගත හැකි වන පරිදි තොරතුරු සකස් කර තැබීම.
  • බඳවා ගැනීම්” උසස් කිරීම්” ස්ථාන මාරු කිරීම්” සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.
  • නිලධාරීන්ගේ සුභසාධන කටයුතු” ප්‍රජා පොලිස් සංකල්ප” නිලධාරීන්ගේ දැනුම හා ආකල්ප සොයා බැලීම ආදිය සම්බන්ධයෙන් සුදුසු විසඳුම් ලබා දීම.
  • අපරාධ දත්ත විශ්ලේෂණය” ජනතාවගේ සුරක‍ෂිතභාවය පිළිබඳ විශ්වාසය” විවිධ පැමිණිලි” ළමා කාන්තා කටයුතු” සම්බන්ධයෙන් දත්ත රැස් කිරීම හා පොලිස්පතිතුමා ඇතුළු උසස් නිලධාරීන් වෙත එම කරුණු පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කිරීම.
  • ශ්‍රී ලංකා පොලීසිය විසින් පවත්වාගෙන යනු ලබන මුද්‍රත ආකෘති පත්‍ර පිළිබඳව පර්යේෂණ පවත්වා කාලාණුරූපව එකී ආකෘති පත්‍ර සංශෝධනයට ලක් කිරීම.
  • ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය වන්නා වූ සියළුම ආකාරයේ තොරතුරු ගබඩා කර තැබීම සඳහා ලේඛනාගාරයක් පවත්වාගෙන යාම.
  • පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයට ඒකාබද්ධ කර ඇති උප ඒකක වන සංඛ්‍යාලේඛන ඒකකය” පරීක‍ෂණ හා පුනරීක‍ෂණ ඒකකය සහ කළමනාකරණ සංවර්ධන උප ඒකකය යන ඒකක අධීක‍ෂණය කිරීම.
  • පොලිස් ස්ථාන, ප්‍රදේශ නැවත ඛෙදා දැක්වීම” නව පොලිස් ස්ථාන” පොලිස් මුරපලවල් විවෘත කිරීම හා ඒවා ශ්‍රේණි ගත කිරීම.
  • නව පොලිස් ස්ථාන, පොලිස් මුරපොලවල් පිහිටුවීම, ග්‍රාම නිලධාරී වසම් ඛෙදා වෙන් කිරීම පිළිබඳ කොට්ඨාසයේ නිලධාරීන් අදාළ ප්‍රදේශ වල කෙෂ්ත්‍ර පරීක‍ෂාවන් සිදු කිරීම.
  • පොලිස් ස්ථාන පිළිබඳ භූදත්ත වාර්තාවන් කොට්ඨාස මට්ටමින් වාර්ෂිකව ලබා ගැනීම හා නිලධාරීන් පොලිස් ස්ථාන මට්ටමින් ෙක‍ෂ්ත්‍ර පරීක‍ෂාවන් සිදු කර නිවැරදිතාවය තහවුරු කර ගැනීම.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444