covid ops

පොලිස්පතිතුමන් සාර්ක් රටවලින් පැමිණි ශිෂ්‍ය භට බාලක/බාලිකාවන් සමඟ සාකච්ඡාවක්..

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් වාර්ෂිකව පවත්වනු ලබන හර්මන්ලොස් කුසලාන ශිෂ්‍ය භට කඳවුර සාර්ක් රටවල විදේශීය ශිෂ්‍ය භට බාලක/බාලිකාවන්ගේ සහභාගිත්වයෙන් 2018.10.15 දින සිට 2018.10.24 දින දක්වා පැවැත්විණි.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් හර්මන්ලොස් කුසලාන ශිෂ්‍ය භට කඳවුරට සහභාගීවීමට පැමිණි ශිෂ්‍ය භට බාලක/බාලිකාවන් හා විදේශීය ප්‍රභූවරුන් සමඟ පොලිස්පතිතුමන් පසුගිය (25) දා පස්වරුවේ පොලිස් මූලස්ථානයේදි සාකච්ඡාවක නිරත විය.

එහිදී බංගලාදේශයේ සිට පැමිණි බ්‍රිග්‍රේඩියර් ජනරාල් එම්.ඩී අබ්දුල් බෙටන් ඛාන් (M.D. Abdul Baten Khan), පාකිස්ථානයේ සිට පැමිණි බ්‍රිග්‍රේඩියර් ඛාලිඩ් සුල්තාන් (Khalid Sultan), ඉන්දියාවේ සිට පැමිණි ලුතිනල් කර්නල් රජීව් ධින්ග්‍රා (Rajeev Dhingra), නේපාලයේ සිට පැමිණි ලුතිනල් කර්නල් රාජන් අදිකාරි (Rajan Adikari) හා මාලදිවයිනේ සිට පැමිණි කර්නල් මොහොමඩ් අෂ්රෆ් අහ්මඩ් (Mohamed Ashraf Ahmed) යන මහත්වරුන්, ප්‍රධානීන් ලෙස මෙම අවස්ථාවට එක් වු අතර දෙපාර්ශවය අතර සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුවිය.

ප්‍රවර්ථන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය, රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ හා මූලස්ථාන පරිපාලන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන යන මහත්වරු ඇතුළු පොලිසියේ උසස් නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444