Print this page

බස්නාහිර උතුර දිසාවේ පාසල් හැරගිය ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.

බස්නාහිර උතුර දිසාව තුල සිටින පාසැල් හැරගිය ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2018 නොවැම්බර් මස 03 ) ගම්පහ නගරසභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

බස්නාහිර පළාත උතුර දිසාව තුල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව මත්ද්‍රව්‍ය විරෝධී තරුණ බලකායක් ස්ථාපිත කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණයෙහිලා තරුණයන් සතු නිර්මාණශීලී හැකියාවන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ යෙදවීම සම්බන්ධව කමිටු 10 ක් පත්කිරීමද එදින සිදුවිය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා විසින් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා පාසල් හැරගිය දරු දැරියන් 300 කට අධික පිරිසක් සහ ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වුහ.