covid ops

පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වාමීන්වහන්සේලා සිය නමක් වෙනුවෙන් සාංගීක දානයක්.

භික්ෂූන් වහන්සේලා සිය නමක් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සාංගීක දානමය පු‍ණ්‍යෝත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර් 11 වන දින පෙරවරුවේ කො‍ළඹ 07, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සිදුකරන ලදී.

පොලිස්පති නිල නිවසේ සිට අලංකාර පෙරහැරකින් කොළඹ 07, විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත ස්වාමින් වහන්සේලා සිය නම වැඩම කරවීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදුකර, දානය සඟ සතු කරන ලදී. මීට පෙර මෙම විපස්සනා භාවනා මධ්‍යස්ථානය ගිහි පාලක කමිටුවක් විසින් පාලන කර ඇති අතර, 2018 නොවැම්බර් 11 වන දින සිට එය සඟ සතු කර පූජා කරන ලදි.

පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී, පුන්‍යා ශාන්තී ජයසුන්දර මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින්, රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් පිරිසක්ද, කොළඹ 07, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සභාපති, විදුර රණසිංහ මහතා ඇතුළු සැදැහැවතුන් පිරිසක් මෙම උතුම් අවස්ථාවට සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444