covid ops

මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් පුනරුප්ථාපනය කෙරේ.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් පුනරුප්ථාපනය කරීම සදහා මානසික අභිප්‍රේරණයක් ඇති කරලීමේ ප්‍රජා මූලික වැඩසටහන 2018 නොවැම්බර් මස 15 දින වේයන්ගොඩ පොලිස් වසමේ මොට්ටුන්න කිරීඨාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.

තෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන බස්නාහිර පළාත උතුර දිසා ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ අතර, වේයන්ගොඩ පොලිස් වසමේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් 50 දෙනෙකු පමණ මේ සදහා සහභාගි විය.

බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මුලිකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය සදහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, ජාතික උපදේශන මධ්‍යස්ථානයේ මනෝ උපදේශිකා නිමාලි පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444