covid ops

ප්‍රවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ සේවය ඇගයේ.

විශිෂ්ට ලෙස රාජකාරි ඉටුකරන ලද පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නිලධාරීන්ගේ සේවය අගයා ඔවුනට මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර් 17 වන දින පෙරවරුවේ නාරාහේන්පිට ප්‍රවාහන කොට්ඨාසයේදී පවත්වන ලදී.

මෙහිදී ප්‍රවාහන කොට්ඨාසය ඇතුළු උප ගරාජයන් 09 ක පොලිස් නිලධාරීන් 81 දෙනෙකු සඳහා රුපියල් 13,80,000/= ක (දහතුන් ලක්‍ෂ අසූදහසක්) මුදලක් ත්‍යාග මුදල් ලෙස පිරිනමන ලදී. මෙම අවස්ථාවට පොලිස් සහායක සේවා හා සංදේශ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ. ප්‍රනාන්දු, ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි කැළුම් සී තිලකරත්න යන මහත්වරු ඇතුළු උසස් පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444