covid ops

විස්කිපොයින්ට් සහ පීනට් ෆාම් ජීවිතාරක්‍ෂක මුර කුටි සඳහා මුල්ගල තැබේ.

දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසකගේ ආකර්ශණයට ලක්ව ඇති පොතුවිල් පොලිස් වසමේ විස්කිපොයින්ට් වෙරළ තීරයේ සහ පානම පොලිස් වසමේ පීනට් ෆාම් වෙරළ තීරයේ ඉදි කිරීමට යෝජිත ජීවිතාරක්‍ෂක මුරකුටි සඳහා මුල්ගල තැබීම නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා විසින් 2019 ජනවාරි 03 වන දින සිදු කරන ලදී.

ඒ සඳහා අම්පාර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කේ.නුවන් ජේ. වෙදසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතන වල නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

අම්පාර කොට්ඨාසයේ දිය අනතුරු සිදුවිය හැකි ජලාශ සහ වෙරළ තීරයන් අධ්‍යනය කිරීමෙන් පසු ඉහත ස්ථානයන් තෝරා ගත් අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එච්. චූලසිරි හා අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සාමන්ත වීරසේකර යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන ක්‍රියාත්මක වේ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444