covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

“උත්තම රුහිරු පූජා” ලේ දන්දීමේ වැඩසටහන ‍දෙහිඅත්තකණ්ඩිය.

දෙහිඅත්තකණ්ඩිය අපරාධ පරීක්‍ෂණාගාරයට (SOCO) අනුයුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්‍ෂක රෝහිත චන්ද්‍රලාල් මහතා ඇතුළු පිරිසක් විසින් සංවිධානය කළ “උත්තම රුහිරු පූජා” ලේ දන්දීමේ වැඩසටහන පසුගියදා (2018 දෙසැම්බර් 29) දෙහිඅත්තකණ්ඩිය සමනළ තැන්න ආරන්‍ය සේනාසනයේදී පවත්වන ලදී.

එම වැඩසටහනට සමගාමීව මහවැලි සී කළාපයේ සම්පත් දායකයින්ගේ හා මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව ආබාධිත අයවළුන් සඳහා රෝද පුටු 23, කිහිලිකරු ජෝඩු 06, තෝරා ගත් අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් 255 දෙනෙකු සඳහා පාසැල් උපකරණ ප්‍රදානය, ශ්‍රවණ හා අක්‍ෂි ආබාධ ඇති අයවළුන් හට ශ්‍රවණ උපකරණ හා ඇස් කණ්නාඩි ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කරන ලදී.

මේ සඳහා මහා සංඝරත්නය, ආදිවාසී නායක වන්නිල ඇත්තන්, දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ (SOCO) ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අයි.කේ.එම්.ඒ.බී ඉලංගන්සේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444