මත් උවදුර පිටු දැකිම සදහා ශ්‍රි ලංකා පොලිසිය විසින්, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ උපදෙස් සහ සහය ඇතිව ගම්පහ, මීගමුව සහ කැළණිය පොලිස් කොට්ඨාස අයත් වන බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති දිසාව තුල නියමු ව්‍යාපෘතියක් ( filot project ) ලෙසට 2018 අගෝස්තු 19 වන අද දින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටියේදී පවත්වන ලද උත්සවයකදී මෙය ආරම්භ කරන ලදි.
මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මද්‍යසාර පිළිබඳවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු තැනැත්තන් පිළිබඳවත් තොරතුරු ලබා ගැනිම අරමුණු කරගෙන ඉහත කී පොලිස් කොට්ඨාස තුනට අදාලව නව දුරකථන අංක 03ක් හදුන්වා දිම මෙම අවස්ථාවෙිදී සිදුවිය.
එම දුරකථන අංක පහත පරිදි වේ.
071- 3680001 - මීගමුව පොලිස් කොට්ඨාසය.
071- 3210001 - ගම්පහ පොලිස් කොට්ඨාසය.
071- 3580001 - කැළණිය පොලිස් කොට්ඨාසය.
ඉහත කී පොලිස් කොට්ඨාස 03හි ග්‍රාමසේවක වසම් 1177 ක පිහිටුවා ඇති ප්‍රජා පොලිස් කමිටු වල අනු කමිටුවක් ලෙස ස්ථාපිත, ග්‍රාමිය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු තවදුරටත් බල ගැන්විමද, මෙම නියමු ව්‍යාපෘතිය ( fllot project ) යටතේ සිදු වේ.
https://www.police.lk/index.php/item/28-2018-08-20-02-24-26#sigFreeIdcab2a31d86