සපුගස්කන්ද පොලිස් වසමේ හෙයියන්තුඩුව නැගෙනහිර ග්‍රාමසේවා වසමේ අංක 172/06, බතලවත්ත, මාබිම ලිපිනයේ පදිංචි කාරියප්පෙරුම අතුකෝරලගේ දොන් සූජීව ප්‍රේමලාල් යන අය සඳහා පොලිස්පති තුමාගේ සංකල්පයක් වන “ගමට පොලිසිය” වැඩසටහනට සමගාමීව නිවසක් ඉදිකර 2018.08.19 වන අද දින පැය 09 00 ට පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිඳුන්ගේ සුරතින් විවෘත කර නිවැසියන් වෙත භාර දෙන ලදි.
සපුගසක්න්ද පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයිගේ හා දානපතියන්ගේ දායකත්වයෙන් නව නිවස ඉදිකර ඇති අතර, මෙම අවස්ථාවට සපුගස්කන්ද තායි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරධිපති ස්වාමීන් වහන්සේ ප්රමුඛ පූජ්‍ය පක්ෂය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරින්, ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපති වරුන් සහ සාමාජිකයින් සහගාගි වුහ.
https://www.police.lk/index.php/item/29-2018-08-20-02-29-51#sigFreeId7dc5222616