covid ops

72 වන ඉන්දියානු නිදහස් දින ශූරතා කුසලාන අත්පන්දු තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට රන් පදක්කමක්.

මහියංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරි කර දැනට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදාවේ දකුණු සුඩානයේ රාජකාරි වාර්තා කර සිටින ප්‍රධාන පොලිස් පරීක්‍ෂක, එම්.ආර්.එස්. තිස්ස කුමාර මහතා 72 වන නිදහස් දින ඉන්දියානු අත්පන්දු තරඟාවලිය සඳහා ඔහුගේ නායකත්වයෙන් යුතු අත්පන්දු කණ්ඩායම 2018 අගෝස්තු 12 වන දින පැවති අවසන් මහා තරඟයෙන් ශූරතාවය දිනා ගනිමින් කුසලාන හා රන් පදක්කම හිමිකර ගැනිමට සමත්ව ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් කීර්තියක් අත්කර දි ඇත.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක, එම්.ආර්.එස්. තිස්ස කුමාර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර 1988 හා 1989 වර්ෂයන්හි ජාතික කණිෂ්ඨ අත්පන්දු පුහුණු සංචිතයේද, 1991 වර්ෂයේ ශ්‍රී ලංකා පොලිස් අත්පන්දු සංචිතයේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි.

මෙම තරඟය සඳහා රටවල් 136 ක පමණ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින් සහභාගි වි ඇති අතර පොලිස් පරීක්‍ෂක යූ.ආර්.එල්. ප්‍රියන්ත නිලධාරියාද ශූරතාවය දිනාගත් කණ්ඩායම තුළ සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කර ඇත.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/31-72#sigFreeId4f216c15e7

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444