රුවන්වැල්ල පොලිස් ස්ථානය මඟින් සංවිධානය කරන ලද ජංගම වෛද්‍ය සායනයක් පසුගිය (06) දා දවස පුරා අංක 102 C, උඩකණුගල, ශ්‍රී නන්දාරාම විහාරස්ථාන ධර්මශාලාවේදි පවත්වන ලදි.
මෙහිදි අක්ෂි, දන්ත, බෝ නොවන රෝග හා කාන්තා සුවනාරි සායනයන් පැවැත් වු අතර කරවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ හා කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගි විය. රෝගීන් 80 කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගත්හ.
රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක, ප්‍රදීප් වීරසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරින් මෙන්ම ප්‍රදේශවාසින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/33-2018-08-21-04-35-48#sigFreeId031bd8d35f
https://www.police.lk/index.php/item/33-2018-08-21-04-35-48#sigFreeId031bd8d35f