covid ops

“ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් කළුතර දකුණ පොලීසියේ සංවිධානයෙන් පිණ්ඩපාත චාරිකාවක්.

ජාතික උරුමයක් බවට පවතින ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට සමගාමිව “ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන්, කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් 2019.03.16 වන දින ස්වාමීන් වහන්සේලා 50 නමක් පිණ්ඩපාතය වැඩම කරලීමෙන් අනතුරුව දහවල් දානමය පිංකමක් කළුතර මිහිකත ශ්‍රී සම්බෝධි විහරස්ථානයේදී විහාරාධිපති තිනියාවල උපරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදි.

මෙම අවස්ථාවට කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල්, කළුතර ප්‍රාදේශීය ලේකම් සිසිර සේනාධීර, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444