covi 1ops roommedia

curfew pass 1

හෙරොයින් කිලෝ ග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2019.10.07 වන දින සුදු පැහැති ජීප් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණ අතුරුගිරිය පිටවීමේ ස්ථානයෙන් පිටවන අවස්ථාවේ එම වාහනය පිලිබඳව සැක සිතුන අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් එම වාහනය පරීක්ෂා කිරීමේදී වාහනයේ පොහොර උර 02ක බහා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්

              01  නම - පැල්ලවත්ත ගමගේ චමින්ද දිල්රුක්
                වයස - අවුරුදු 38ක්
                ලිපිනය - ස්වර්ණපාලි මාවත, බොරැල්ල
                   
              02  නම - මංගල සිසිර කුමාරසිරි
                වයස - අවුරුදු 38ක්
                ලිපිනය - සමගි මාවත, උඩහමුල්ල, නුගේගොඩ

 

මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.