covi 1ops roommedia

curfew pass 1

ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානයෙන් ළමා දින සැමරුම් උත්සවයක්

ලෝක ළමා දිනයට සමගාමීව ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් සංවිධානය කරන ලද ළමා දින සැමරුම් උත්සවයක් 2019 ඔක්තොම්බර් 05 වන දින ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරිශ්‍ර‍යේදී පවත්වන ලදී. මෙහිදී කොට්ඨාසයෙ සියළුම පොලිස් වසම් ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ළමුන් සඳහා පාසල් උපකරණ ප්‍රධානය කිරීමක්ද සිදු විය.

මේ සඳහා ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ඇතුළු මහත්වරුන් පිරිසක් සහභාගී වූහ.