covi 1ops roommedia

curfew pass 1

ලෝක ළමා දිනයදා මිළ කළ බිළින්දා

 2019 සැප්තැම්බර් 30 වන දින අංක 09/01/08, ලේක් රෝඩ්, මහනුවර ලිපිනයේ පදිංචි කාන්තාවක් විසින් දින 05 ක් වයසැති බිළින්දෙකු නීත්‍යාණුකූල නොවන අයුරින් මුදලට ලබාගෙන හදා වඩා ගන්නා බවට පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කරන ලදී.

විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම පිරිමි දරුවා දමිළ කාන්තාවකට දාව උපන් දරුවෙකු වන බවත්, 2019 සැප්තැම්බර් 11 වන දින ගම්පොළ රෝහලේදී දරුවා ඉපිද ඇති බවත්, ඔවුනට තවත් දරුවන් දෙදෙනෙකු සිටින නිසාත්, මෙම දරුවා හදා වඩා ගැනීමට ආර්ථික අපහසුතාවයන් පවතින නිසාත්, ගම්පොළ නීතිඥවරයෙකු ඉදිරිපිට දිවුරුම් ප්‍රකාශයක් ලබාදී කැමැත්ත ප්‍රකාශ කර දරුවා ගම්පොළ නගරයේදී රුපියල් 40,000/= ක මුදලට ඉහත ලිපිනයේ පදිංචි කාන්තාවට අළෙවි කර ඇති බවයි.

වැඩිදුර විමර්ශනයෙන් පසු මෙම දරුවා විකිණිම හා නීත්‍යාණුකූල නොවන අයුරින් බැහැර කිරීම සිදුව ඇත්තේ මහනුවර කොට්ඨාසයේ නොවන බැවින් මහනුවර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.එම්.එස්.එම්. තෙන්නකෝන්, මහතාගේ උපදෙස් පරිදි ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස් මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව ගම්පොළ පොලිස් ස්ථානය වෙත අත්අඩංගුවට ගත් සැකකාරිය (දරුවාගේ ස්වභාවික මව) සමඟ ආරක්ෂාව හා රුකවරණය සඳහා කුඩා බිළිඳා ගම්පොළ පොලිස් ස්ථාන වෙත 2019 ඔක්තෝම්බර් 01 වන දින භාර දී ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ ලෝක ළමා දිනයේ වීමද ශෝචනීය සිදුවීමකි.


මේ වන විට දරුවා මහනුවර ටිකිරි ළමා නිවාසයේ සුව සේ සිටින අතර දරුවා මිළදී ගත් ව්‍යාජ මව ගම්පොළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ලෝක ළමා දිනයදා මිළ කළ බිළින්දා