covi 1ops roommedia

2019 ප්‍රවීනයන්ගේ දිගු දුර පිහිණුම් තරඟාවලියෙන් සමස්ථ පිරිමි ශූරතාවය ඇතුළු ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකා පොලීසියට.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ ‟2019 ප්‍රවීනයන්ගේ දිගු දුර පිහිණුම් තරඟාවලිය” 2019 දෙසැම්බර් 15 වන දින කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලීය පිහිණුම් තටාකයේදී පැවැත්විය.

මෙම පිහිණුම් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පිහිණුම් ක්‍රීඩා සමාජ 58 කින් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 183 දෙනෙකු පමණ සහභාගි විය. ශ්‍රී ලංකා පොලීසිය නියෝජය කරමින් පිහිණුම් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 76 දෙනෙකු සහභාගි වූ අතර ලකුණු 515 ක් ලබාගෙන සමස්ථ පිරිමි ශූරතාවය සහ ලකුණු 75 ක් ලබාගෙන කාන්තා තෙවන ස්ථානය හිමිකර කර ගත්හ.

එමෙන්ම අවුරුදු 45 – 49 කාන්තා වයස් කාණ්ඩයෙන් තරඟ කළ කාන්තා පොලිස් කොස්තාපල් 4091 ආර්.එම්.සී. ගුණවර්ධන ක්‍රීඩිකාව එම වයස් කාණ්ඩයෙන් දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද, අවුරුදු 45 – 49 පිරිමි වයස් කාණ්ඩයෙන් තරඟ කළ පොලිස් පරීක්‍ෂක කේ.ඩී.එච්. විජයන්ත ක්‍රීඩකයා එම වයස් කාණ්ඩයෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙසද, අවුරුදු 55 – 59 පිරිමි වයස් කාණ්ඩයෙන් තරඟ කළ උප පොලිස් පරීක්‍ෂක බී.ඩී. ගුරුගේ ක්‍රීඩකයා එම වයස් කාණ්ඩයෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙසද මෙම තරඟාවලියෙන් පදක්කම් දිනාගෙන ශ්‍රී ලංකා පොලීසියට විශාල කීර්තියක් අතර කරදෙන ලදී.

2019 ප්‍රවීනයන්ගේ දිගු දුර පිහිණුම් තරඟාවලියෙන් සමස්ථ පිරිමි ශූරතාවය ඇතුළු ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකා පොලීසියට.