covi 1ops roommedia

2019 ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර කීර්තියක්.

2019 ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලැබු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙල 2019 දෙසැම්බර් 02 වන දින සිට 2019 දෙසැම්බර් 07 දින දක්වා මැලේසියාවේ කූචීන් නුවර පිහිටි සරවක් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

ආසියානු රටවල් 29 ක ක්‍රීඩක / ක්‍රීඩිකාවන් සහභාගී වු මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් සැරයන් 1144 එස්.වී.ඒ.ඩී.වයි. චතුරාණි සමරතුංග ක්‍රීඩිකාව අවුරුදු 40 - 45 වයස් කාණ්ඩය යටතේ මීටර් 400 කඩුලු මතින් දිවීම තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකා පොලීසියට කීර්තියක් අත්කර දෙන ලදී.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/585-2019#sigFreeId4afcaf97f2