ops room

 

පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසය. 

Research & Development Division. 


දැක්ම (Vision)

නීතිය හා සාමය ආරක්‍ෂා කරමින් රටතුළ සුරක්‍ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම ප්‍රමුඛ වු ශ්‍රී ලංකා පොලිසියේ සමස්ථ පරමාර්ථ සාධනයෙහිලා පාදක වන ඵලදායී පොලිස් සේවාවක් බිහි කිරීම සදහා පර්යේෂණ තුළින් සැළසුම් සකස් කර ඉදිරිපත් කිරීම සහ විවිධ ප්‍රතිසංවිධාන ක්‍රම මගින් පුර්ණ ලෙස දායක වීම.

මෙහෙවර (Mission)

ඵලදායී පොලිස් සේවාවක් ලබා දීම සදහා අවශ්‍ය පර්යේෂණ සිදු කිරීම තුළින් වෙනස්වන සමාජ තත්වයන්ට අනුකූලව නව ප්‍රතිපත්ති සම්පාදනය සහ පවතින ප්‍රතිපත්ති සංශෝධනය කිරීම, ඒ සදහා අවශ්‍ය නිවැරදි සහ යාවත්කාලීන දත්ත රැස් කර තැබීම පරිශිලනය කිරීම හා සුදුසු පරිදි ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකා පොලීසිය තුල කාර්යක්‍ෂම හා විධිමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම සඳහා පාදක වන විවිධ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිශෝධන ඉදිරිපත් කිරීම, කාර්ය පටිපාටි සහ ක්‍රම විද්‍යාව පිළිබඳ දැනුම වර්ධනය කිරීම සහ සුපරීක්‍ෂණය, උසස් සහ කාලීන වෘත්තීය මාර්ගෝපදේශකත්වය ලබා දීම තුළින් පොලිස් සේවයේ වෘත්තීය මට්ටම ඉහල නැංවීම සඳහා ක්‍රියා කිරීම පොලිස් සේවයේ වාර්ෂික කාර්ය සාධනය සහ ප්‍රගතිය අධීක්‍ෂණය කිරීම සහ ප්‍රමානාත්මක සහ ගුණාත්මක පොලිස් සේවාවක් සඳහා අවශ්‍ය පොලිස් කොට්ඨාස, පොලිස් ස්ථාන හා මුරපොළ පිහිටුවීම ශ්‍රේණිගතකිරීම හා අධිශ්‍රේණිගතකිරීම ඇතුළු පොලිස් සේවාවේ සෑම අංශයකම ප්‍රවර්ධනය සඳහා පොලිස්පතිතුමාට සහය වීම.


අරමුණ 

ශ්‍රි ලංකා පොලීසියේ කාර්ය භාරය ඉහළ කාර්යක‍ෂමතාවයකින් හා වඩාත් ඵලදායි මට්ටමින් ඉටුකිරිම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම සඳහා පවතීන ප්‍රතිපත්ති සමාලෝචනය කිරිම, සංශෝධනය කිරිම සහ පවතීන සමාජ තත්ත්වයන්ට අනුකුල ලෙස නව ප්‍රතිපත්ති සම්පාදනය කිරිම එම ප්‍රතිපත්ති ක්‍රියාත්මකවිම සම්බන්ධව කලින් කලට පවත්වනු ලබන විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව සකස් කරනු ලබන සැලසුම් ඔස්සේ ශ්‍රි ලංකා පොලිස් සේවය සමාජ අභිවෘද්ධිය සඳහා මෙහෙයවිමට දායකවිම.


ආදර්ශ පාඨය

"ඉදිරි දියුනුව වෙනුවෙන් අලුත් දෙයක් කරන්න සිතමු "

 

 

 

logo

 

01

02

03

04

05

06

07

08

09

10

11

12

14

15

 

   
   
   
   
   
   
   
   
   
   
   
 

 

 

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931