covi 1ops roommedia

curfew pass 1

ශ්‍රී ලංකා පොලිසිය සුභ මොහොතින් නව වසරේ රාජකාරි ආරම්භ කරයි.

2020 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස් මූලස්ථානයේ සියලුම අංශ වලට අයත් නිලධාරීන් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම 2020 ජනවාරි 01 දින පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.

උත්සව සභාව අමතමින් පොලිස්පතිතුමන් විසින් නව වසර වෙනුවෙන් සියලුම තරාතිරම් වල පොලිස් නිලධාරීන්ට සුභාශිංෂණ එක් කල අතර පසුගිය වසර තුලදී රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යමින් මහජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිදු කල අපිරිමිත සේවය ඇගයීමටද මෙය අවස්ථාවක් කර ගත්තේය.

අනතුරුව උත්සව අවස්ථාවට සහභාගි වූ සියලුම නිලධාරීන් වෙනුවෙන් සූදානම් කර තිබූ තේපැන් සංග්‍රහය බුක්ති විදීමටද පොලිස්පතිතුමන් එක්වූ අතර ඒ සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් වන එම්.ආර් ලතීෆ්, දේශබන්දු තෙන්නකෝන්, පද්මසිරි මුනසිංහ යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් මූලස්ථානයේ රාජකාරි නියුතු සිවිල් කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.