covi 1ops roommedia

curfew pass 1

CH&FC කණ්ඩායමට එරෙහි 2019/2020 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරඟයේ ජය ශ්‍රී ලංකා පොලිසියට

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ පස්වැනි සතියේ තවත් තරඟයක් CH&FC ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා පොලිසිය අතර 2020 ජනවාරි 03 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එහි පළමු අර්ධයේදී CH&FC කණ්ඩායම ලකුණු 10ක් රැස් කල අතර පොලිස් කණ්ඩායම රැස් කල ලකුණු සංඛ්‍යාව 05ක් වේ. තරඟ අවසානයේදී පොලිස් කණ්ඩායම ලකුණු 36 ක් හා CH&FC කණ්ඩායම ලකුණු 22 ක් ලබාගෙන තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හිමි කර ගන්නා ලදී.

මෙම තරඟයේදී පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 06ක් සමගින් ලකුණු රැස් කල අතර තරඟයේ වීරයා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඉරෝෂන් සිල්වා ක්‍රීඩකයාට හිමි විය.