ops room

2019 – 68 වන ජාතික ජීවිතාරක්ෂක තරඟාවලියේ සමස්ථ ශූරතාවය පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමට.

 ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් 68 වන වරටත් පවත්වනු ලැබූ ජීවිතාරක්ෂක ජාතික හා ප්‍රවීනයන්ගේ තරඟාවලිය 2019 දෙසැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ එන්.සී.සී. පිහිණුම් තටාකයේදී හා ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලදී.

දිවයිනේ ප්‍රබල ජීවිතාරක්ෂක ක්‍රීඩා සමාජ 09 ක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායම් 04 ක් වශයෙන් පිරිමි ක්‍රීඩකයින් 40 දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් ජාතික ජීවිතාරක්ෂක තරඟාවලියේ සමස්ථ ශූරතාවය හා අනු ශූරතාවයත් ප්‍රවීනයන්ගේ තරඟාවලියේ තෙවන හා සිව්වන ස්ථානයත් ලබාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම සමත් වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් (A/B) දෙකම සමස්ථ ශූරතාවය හා අනුශූරතාවය ලබා ගැනීමට සමත් වීම සුවිශේෂී අවස්ථාවක් වන අතර මෙම තරඟාවලියේ ශූරතාවය වසර 06 ක් පුරාවට ශ්‍රී ලංකා පොලීසිය වෙත අඛණ්ඩව ලබාගැනීමට හැකි වී ඇත.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931