covi 1ops roommedia

curfew pass 1

2020 පළමු වසරට ඇතුලත් වන පොලිස් නිලධරයන්ගේ දරුවන්ට පාසැල් උපකරණ කට්ටලයක් පරිත්‍යග කෙරේ.

2020 පළමු වසරට ඇතුලත් වන පොලිස් නිලධරයන්ගේ දරුවන් සදහා පොත් හා පොත් බෑග් බෙදාදීමේ උත්සවය පොලිස් පවුල් සුභසාධක සංගමය හා සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි ප්‍රශාන්ති ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2020 ජනවාරි 07 වන දින පෙරවරු 10.00 ට පොලිස් පවුල් සුභසාධක සංගමයේ උත්සව ශාලාවේදී පැවැත්විණි.

එක් දරුවෙකු වෙනුවෙන් පළමු වසරට අදාල සියළුම පොත්පත් හා උපකරණ, පොත් බෑග් 01, වතුර බෝතල් 01 යි, කෑම පෙට්ටි 01 යි බැගින් දිවයින පුරා සිසු දරුවන් 4200 ක් බෙදා දුන් අතර වැය කරන ලද මුළු මුදල රුපියල් 8500,000/= කි. පොත්පත් හා උපකරණ සඳහා මුල්‍ය දායතක්වය පොලිස්පතිතුමන් විසින් දැරූ අතර පොත් බෑග් හා අනෙකුත් උපකරණ සඳහා පවුල් සුභසාධක සංගමය විසින් මූල්‍ය දායකත්වය ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සුභසාධක හා වෛද්‍ය සේවා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා පොලිස් පවුල් සුභසාධක සංගමය හා සේවා වනිතා ඒකකයේ සාමාජික සමාජිකාවන් හා දරුවන් 100 දෙනෙකු හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගි විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/624-2020#sigFreeIdace7ef772a