covi 1ops roommedia

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහි 2019/2020 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරඟයේ ජය ශ්‍රී ලංකා පොලිසියට.

 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ හයවැනි සතියේ තවත් තරඟයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර 2020 ජනවාරි 10 වන දින රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එහි පළමු අර්ධයේදී පොලිස් කණ්ඩායම ලකුණු 07 ක් ලබා තරගයේ ඉදිරියෙන් සිටි අතර තරඟ අවසානයේදී පොලිස් කණ්ඩායම උත්සහායක දිනුම් 05 ක්, ප්‍රවර්තක දිනුම් 04 ක් හා එක් දඩුවම් පහරක් සමගින් ලකුණු 36 ක් ලබාගත්හ. ගුවන් හමුදා කණ්ඩායම උත්සාහය දිනුම් 03 ක් ලබා ලකුණු 15 ක් ලබාගත් අතර තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හිමි කර ගන්නා ලදී.

මෙම තරඟයේ වීරයා ලෙස පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ සචිත් සිල්වා ක්‍රීඩකයාට හිමි විය.