covi 1ops roommedia

curfew pass 1

දියේ ගසා ගෙන ගිය දරුවකු පොලිස් නිලධාරියෙකු විසින් බේරා ගනී.

රත්ගම දේවිනිගොඩ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගැනීමට රත්ගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් 48090 කනකරත්න නිලධාරියා පසුගිය 11 වෙනිදා සමත් විය.

මෙම දියේ ගිලුණු දරුවා ඇතුළු පිරිසක් දේවිනිගොඩ මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර, දරුවා දියේ ගිලෙන බව දුටු පුද්ගලයකු විසින් රත්ගම පොදු වෙළඳ පොළෙහි දිවා බීට්ටු රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් 48090 කනකරත්න සහ පොලිස් කොස්තාපල් 67071 සිල්වා යන නිලධාරීන්ට ඒ බව දැනුම් දී ඇත.

ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් කොස්තාපල් 48090 කනකරත්න නිලධාරියා එම ස්ථානයට ගොස් පරීක්‍ෂා කිරීමේදී මුහුදේ ගිලෙමින් සිටින දරුවා දැක මුහුදට පැන පිහිනා ගොස් දියේ ගිලෙමින් සිටි දරුවා බේරා ගැනීමට සමත්ව ඇත. එම දරුවා වයස අවුරුදු 14 ක් වන රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මීට පෙර අවස්ථා ගණනාවකදී ද, මෙම පොලිස් නිලධාරියා විසින් මුහුදේ ගසා ගෙන ගිය 05 දෙනෙකුගේ පමණ ජීවිත බේරා ගෙන ඇත.