covi 1ops roommedia

ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් 94 වන වරටත් සංවිධානය කල 2019/2020 ජාතික ශූරතා බොක්සිං තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහන රැසක්

 ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් 94 වන වරට සංවිධානය කල 2019/2020 ජාතික ශූරතා බොක්සිං තරඟාවලිය 2020 ජනවාරි 21 වන දින සිට 24 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්විනි.

මෙම තරඟාවලිය සඳහා බොක්සිං ක්‍රීඩා සමාජ 12කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140ක් පමණ සහභාගීවූ අතර මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12දෙනෙකු සහභාගි වී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 04ක්, සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගෙන ශ්‍රී ලංකා පොලිසියට කීර්තියක් අත්කර දෙන ලදී.

මෙහිදී බැන්ටම් බර පංතියෙන් ක්‍රීඩා කල පී.ඒ.ආර් ප්‍රසන්න ක්‍රීඩකයා තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය හිමිකර ගැනීමට සමත්විය. මෙම කුසලානය ශ්‍රී ලංකා පොලිසිය විසින් දිනාගනු ලැබුවේ වසර 30 කට පසුව වීම සුවිශේෂී සිදුවීමකි.