ops room

ශ්‍රී ලංකා පොලීසියෙන් වෙරළාරක්‍ෂක වන වගා ව්‍යාපෘතියක්.

2020.02.04 වන දිනට යෙදී තිබූ 72 වන නිදහස් සැමරුමට සමගාමිව පොලිස් පරිසර ආරක්‍ෂණ කොට්ඨාසයේ සංවිධානයෙන් ආරම්භ කිරිමට යෙදුණු වෙරළාරක්ෂක වන වගා ව්‍යාපෘතියක් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්‍ෂිතාව හා පාරිභෝගික සුභසාධක අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් හා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2020 පෙබරවාරි 04 වන දින පෙරවරුවේදී වැල්ලවත්ත කින්රෝස් මුහුදු වෙරළ තීරයේදී සිදුකරන ලදි.

මෙම රුක් රෝපණ වැඩසටහන වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු තීරයේ සිට බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු වෙරළ තීරය දක්වා ක්‍රියාත්මක කෙරිණි. ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂණ කොට්ඨාසය, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, අබාන්ස් පාරිසරික පුද්ගලික සමාගම සහ වන අරුණ සංවිධානය යන ආයතන මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සහයෝගය දක්වන ලදි.


බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රථවාහන හා පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල, පොලිස් පරිසර ආරක්‍ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා යන මහත්වරු ඇතුළු උසස් පොලිස් නිලධාරින්ද පොලිස් පරිසර ආරක්‍ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්.ජී. චන්ද්‍රසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකාවට ඇත්තේ සුන්දර මුහුදු තීරයකි. එය දිනෙන් දින දූෂණය වෙමින් පවති. ලෝකයේ සමුද්‍ර දූෂණයෙන් ශ්‍රී ලංකාවට හිමිවන්නේ 06 වන ස්ථානයයි. මෙම මුහුදු තීරය දූෂණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පහත වැටී ඇත. මෙවැනි ව්‍යාපෘති වල මූලික අරමුණ වන්නේ මෙම සුන්දර වෙරළ තීරය ආරක‍්‍ෂා කරගෙන සංචාරක කර්මාන්ත දියුණු කර ගැනීමයි. නුදුරේදී මේ සඳහා පරිසර හිතකාමි තරුණ කොටස් හා ස්වෙච්ඡා සංවිධාන, රාජ්‍ය ආයතන සමග සම්බන්ධිකරණය කරගෙන ශ්‍රී ලංකා වෙරළ තීරය ආරක‍්‍ෂා කරගැනීම පොලිස් පරිසර ආරක්‍ෂණ කොට්ඨාසයේ මුලික අරමුණයි.

 

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931