Print this page

Vantage FA CUP – 2019 ශූරතාවය පොලිස් පාපන්දු කණ්ඩායම විසින් හිමිකර ගනී.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද Vantage FA CUP – 2019 තරඟාවලිය, දිවයිනේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරඟමාලාව වන අතර, මෙම තරඟාවලිය 2019 මාර්තු මස ආරම්භ කර, දිවයින පුරා සිටින පාපන්දු කණ්ඩායම් 827කගේ සහභාගීත්වයෙන් පිළිමළුන් පිටු දැකීමේ පදනම මත පවත්වන ලදි.

පොලිස් පාපන්දු කණ්ඩායම, මෙම තරඟාවලියේ අවසන් කණ්ඩායම් 64 වටයේ සිට මෙම තරඟාවලියට සහභාගීවී අර්ධ අවසන් හා අවසන් පූර්ව තරඟයන්හිදී පසුගිය වර ශූරයන් වන ප්‍රබල යුධ හමුදා කණ්ඩායම සහ බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය පරාජය කර, 2020.02.07 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැති අවසන් මහා තරඟය ගෝල 01 – 01 ක් වශයෙන් ජය පැරදුමෙන් තොරව තරඟය සමවීම හේතුවෙන් ලබාදුන් දඩුවම් පහර මගින් අවස්ථා 17 කදී FA කුසලාන ශූරතාවය දිනාගත් ප්‍රබල සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය ගෝල 05 - 04 ක් වශයෙන් පරාජය කර FA CUP – 2019 ශූරතාවය දිනාගන්නා ලදි. තවද, මෙම තරඟාවලියේ හොදම දැල් රකින්නා සහ නැගී එන ක්‍රීඩකයාද, හොදම ජීව ගුණයෙන් යුතු කණ්ඩායම ලෙසද, සම්මානයෙන් පොලිස් පාපන්දු කණ්ඩායම පිදුම් ලබන ලදි.

ඒ අනුව, FA CUP තරඟාවලි ශූරතාවයක් පොලිස් පාපන්දු කණ්ඩායම විසින් දිනාගනු ලබන්නේ වසර 12 කට පසුව වන අතර, අවසන් මහා තරඟයකදී සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරාජය කල පළමු අවස්ථාවද වේ.