ops room

කොරෝනා වෛරසයට ගොදුරු වූ ලෝකවාසීන්ට සෙත්පතා මහනුවර පොලීසියෙන් පිරිත් සඡ්ඣායනාවක්.

 

මහනුවර පොලීසියේ මෙහෙයවීමෙන් කොරෝනා වෛරසයට ගොදුරු වූ ලෝකවාසීන්ට සෙත්පතා පිරිත් සඡ්ඣායනාවක් පසුගිය (05) දා ශ්‍රී දළඳා මාළිඟාවේ අලුත් මාළිඟා පරිශ්‍රයේදී පවත්වන ලදී.

අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් ඇතුලු සංඝයා වහන්සේලා රැසකගේ මූලිකත්වයෙන් පිරිත් සඡ්ඣායනාව පැවැත් වූ අතර මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාද, මෙම උතුම් පිංකමේ මුලිකත්වය ගෙන ක්‍රියා කළ මහනුවර / මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩි.ආර්.එල්. රණවීර, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, සුදත් මාසිංහ යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් සාමාජිකයින්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පිරිත් ශ්‍රවණය කිරීම සඳහා සහභාගි විය.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931