covi 1ops roommedia

2020 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් හට ශ්‍රී ලංකා පොලීසියෙන් පොත් කට්ටලයක්.

කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවෙන් වාර්ෂිකව පවත්වනු ලබන 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් හට ශිෂ්‍යත්ව විෂය කරුණු ඇතුළත් පොත් කට්ටල බෙදාදීමේ උත්සවයක් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි 23 වන දින අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ අනුශාසකතුමන් වන ගරු පොලිස්පතිතුමන්ගේ අනුමැතියෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා අනුරාධපුර කොට්ඨාසයේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ දරු දැරියන් 90 දෙනෙකු හට පොත් කට්ටල පරිත්‍යාග කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්ක භාර (I) පොලිස් අධිකාරි ගොඩකුඹුර මහතා ඇතුලු උසස් පොලිස් නිලධාරීන්ද, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

හොරොව්පතාන පොලිස් ස්ථානය මඟින් සංවිධානය කළ ළමා අපචාර වළක්වා ගැනීම, අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිතය තුළින් පාසැල් දරුවන් ආරක්‍ෂා කරගැනීම හා නායකත්වය තුළින් ජිවිතය ගොඩනගා ගැනීම යන මැයෙන් පාසැල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 ජනවාරි 31 වන දින හොරොව්පතාන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩමුළුව සඳහා හොරොවිපතාන පොලිස් වසමෙ පිහිටි පාසල් වල සිසු දරු දැරියන් 427ක් සහ ගුරුභවතුන් 47 දෙනෙකු සහාභාගී විය.

 

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/647-2020#sigFreeIdd4cf115d4a