covi 1ops roommedia

83 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා පොලිස් මළල ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 26,27 සහ 28 යන තෙදින තුල බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබු අතර මෙම සුවිශේෂි මලල ක්‍රීඩා උලලේ සාමාප්ති උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්‍ෂිතාව හා පාරිභෝගික සුභසාධක අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මහතා, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2020 පෙබරවාරි 28 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියකින් සමන්විතව පැවැත්වූ ක්‍රීඩා උළෙල සඳහා පොලිස් කොට්ඨාසයන් 58 ක් නියෝජනය වන පරිදි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 4000 කට අධික පිරිසක් සහභාගි විය. පුරා දින 03 ක් පැවති තරගාවලියේ සමස්ථ ශූරතාවය ලකුණු 294 ක් ලබා ගනිමින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය හිමිකර ගත් අතර ලකුණු 256 ක් ලබා ගත් අගමැති ආරක්‍ෂක කොට්ඨාසය අනු ශූරතාවය හිමිකර ගන්නා ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් හට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සමරු තිළිණයක් පිළිගැන් වු අතර මෙම උත්සවය පොලිස් සංස්කෘතික අංශය හා පොලිස් තූර්ය වාදන අංශය එක්ව ඉදිරිපත් කල සංදර්ශනයෙන් විචිත්‍රවත් විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ සහ සහ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහ සම්භාවනිය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/648-83#sigFreeIdfea4823a20