covi 1ops roommedia

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් කාන්තාවන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් සංවිධානය කරන ලද උත්සවයක් 2020.03.08 වන අද දින පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවත්විණි.

මෙහිදී පොදු මගී ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේ දී කාන්තාවන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර ඊට සමගාමීව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ තුළ සහ පෞද්ගලික බස් රථ තුළ කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කිරීම වසර 05ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකින් දඩුවම් ලැබිය හැකි වරදක් බව දැනුවත් කිරීමේ ස්ටිකර් ඇලවීමක්ද පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලදී.