covi 1ops roommedia

කොරෝනා වෛරසය ආසාධනය වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ වන අසත්‍ය පුවත් සම්බන්ධව.

 කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතී. ශ්‍රි ලංකාව තුල කොරෝනා වෛරසය ආසාධනය වූ එක් පුද්ගලයකු දැනට හඳුනාගෙන ඇති අතර ඔහු කොළඹ ජාතික උණ රෝහලේ (IDH) ප්‍රතිකාර ලබයි.

එම පුද්ගලයාගේ පවුලේ කිසිඳු සාමාජිකයකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණයවී නොමැති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ඔවුන්ගේ නිවසේ සිටම නීරෝධායනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

සාමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බවටද දන්වා සිටිමි.

කොරෝනා වෛරසය ආසාධනය වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ වන අසත්‍ය පුවත් සම්බන්ධව.